Thursday, October 23, 2008

යටගිය දවස.......

මම මේ කතා කරන්නෙ අඩ සිය වසක් පැරණි දේවල් ගැන. කෙනෙක් අහන්න පුලුවන් මේව දැන් කාලෙට ප්‍රයෝජනවත්ද කියලත්. ඔයගොල්ලන්ට පුලුවන් බලාගන්න ලංකාවෙ ප්‍රසිද්ධ බෞද්ධ පාසැලක අධිරාජ්‍ය වාදීන් ගියාට පස්සෙ ජාතික විධියට සංක්‍රමනය වුනේ කොහොමද කියල. එකක් කියන්න ඕන. අපේ හිටපු ගුරුවරු අධිරාජ්‍යවාදී ගැත්තෝ නොවෙයි, ඒ ගොල්ල ඉගෙන්ගත්තෙත් අධිරාජ්‍ය වාදී කාලෙ. ඒ නිසා සමහර සිරිත් විරිත් ඒ කාලෙට අයිති දේවල්. ඒවට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නෙ හිටිය සමහර ගුරුවරු නේවාසිකාගාරයෙදි, ඉඳියාප්ප ගොඩට කිරිහොදි වක් කරගෙන ඒක ගෑරුප්පුවෙ ඔතාගෙන කන අය. දැන් කොහොමද නම් දන්නෙ නැහැ. 1957 අවුරුද්දෙ මම ලංකාවෙ ප්‍රථම වරට සිංහලෙන් විද්‍යා අංශයෙන් සා.පෙ. සමත් උනා. ප්‍රථිපල ආවෙ සිංහල අවුරුද්දට ඔන්න මෙන්න කියල. මම වැඩි සංතෝසෙට බුලත් අතක් අරගෙන විදුහල්පතිතුමා බලන්න ගියා. එතකොට "අපේ ආණ්ඩුව"..... ඒ කියන්නෙ 'සුදුරෙදි ඇඳ - සුදු බැනියම් ඇඳ - කිරි බත් කා ගත්තෙ අතට - අලිය මට්ටු කරපු හෙන්ඩුව.. ( මේක බයිලා එකක කෑල්ලක් ) බන්ඩාරනායක මහත්තයගෙ ආණ්ඩුව. මහා පෙරලියක්. දේශීය කමට බුලත් අතකුත් අරගෙන මමත් ගියා සිංහල සිරිතට විදුහල්පතිතුමාට ගරු කරන්න. අනේ එතුමා ඒක අතටවත් ගත්තෙ නැහැ. මම බුලත් කන්නෙ නැහැ, හිඟන්නෙකුට දෙන්න කිව්වා!!!. මට හීන් දාඩිය දම්ම. ඒ මහත්මයා සිංහල සිරිත් විරිත් දන්නෙ නැහැ. ඒ නමුත් බොහොම යුක්ති ගරුක මත්මයෙක්. මම කවදත් ඒ මහත්මයට ගරු කරනවා. ඒ කාලෙ අපිට දෙලොවක් අතර ජීවත් වෙන්නත් සිදු වුනා. සමහර පැරණි ගුරුවරු සිරිත් විරිත් ගැන අපෙන් විමසල ඉගෙනගත්තා. රොහන් දලුවත්ත, කරු ජයසූරිය හෙම අපිත් එක්ක නේවසිකගාරයේ එකට හිටියා. තව විස්තර අනෙක් බ්ලොග් එකට ලියන්නම්.